- See more at: http://www.exeideas.com/2012/03/how-to-add-pop-up-facebook-like-box-for.html#sthash.kG8TEsgx.dpuf

8 Secret things you can do with iPhone Headphones

iPhone එකත් සමග පැමිණෙන Headphones වලින් කරගන්න පුළුවන් වැඩි දෙනෙක් නොදන්නා කාර්යයන් 8ක්. 




iPhone එකත් සමග පැමිණෙන සාමාන්‍ය headphone එකක බටන් තුනක් තිබෙනවා. එම බටන් තුන භාවිතා කරමින්  ඔබට හැකියාව තිබෙනවා iPhone එකෙහි බොහොමයක් කාර්යයන් පහසුවෙන්ම කරගැනීමට. නමුත් iPhone පරිශීලකයන්ගෙන් 95% ක ප්‍රමාණයක් එයින් කරගත හැකි රහසිගත වූ කාර්යයන් පිලිබදව දැනුවත් නැහැ. ඉතින් මෙම ලිපියේදී අපි ඔබව දැනුවත් කරනවා apple iphone headphones  භාවිතා කරමින් ඔබට කරගැනීමට හැකියාව තිබෙන කාර්යයන් 8ක් පිළිබඳව. 


1. Siri පහසුකම සක්‍රීය කිරීම. 

ඔබ භාවිතා කරන්නේ iPhone 4S දුරකථනය හෝ ඊට පසුව නිෂ්පාදනය කරන ලද Apple ආයතනයේ දුරකතනයක් නම් headphone එකෙහි මැද බටන් ඔබාගෙන ඉදීමෙන් Siri සක්‍රීය කරගැනීමට හැකියාව තිබෙනවා. 



2. ඇමතුමකට පිළිතරු දීම සහ විසන්ධි කිරීම. 




දුරකථන ඇමතුමක් පැමිණෙන විට එක වරක් මැද බටන් එක එබීමෙන් එම ඇමතුමට පිළිතුරු දීමට හැකියාව තිබෙනවා. ඒවගේම දුරකථන ඇමතුමක සිටින විට එය විසන්ධි කරදැමීමට අවශ්‍ය නම් එක වරක් මැද බටන් එක ඔබන්න. 


3. පැමිණෙන ඇමතුම් නොසළකා හැරීම 



ඔබ වෙනත් ඇමතුමකට සම්බන්ධ වී සිටින අතර තුර තවත් දුරකථන ඇමතුමක් පැමිණෙනවානම් ඔබට හැකියාව තිබෙන මැද බටන් එක තත්පර කිහිපයක් ඔබාගෙනම සිටීමෙන් එය විසන්ධි කරදැමීමට. ඇමතුම විසන්ධි වූ බව බීප් නාදයන් දෙකකින් ඔබට ඇසෙනවා ඇති. 


4. ඇමතුම් අතර මාරු වීම. 



ඔබ දුරකථන ඇමතුමක් අතර සිටින විට තවත් ඇමතුමක් පැමිණෙනවානම් එම ඇමතුමට මාරු වීමට හැකියාව තිබෙනවා එක වරක් මැද බටන් එක එබීමෙන්. 


5. චායාරූපයක් ගැනීම



ඔබේ iPhone දුරකථනයත් සමග පැමිණෙන default camera app එකේදී ශබ්දය වැඩි කරන හෙඩ්ෆෝන් (+) බටන් එක එක වරක් එබීමෙන් චායාරූපයක් අරගැනීමට හැකියාව තිබෙනවා. 



6. වීඩියෝ සහ ඕඩියෝ play/pause කිරීම. 


එක වරක් මැද බටන් එක එබීමෙන් pause වෙන අතර නැවත වරක් මැද බටන් එක එබීමෙන් play කරගැනීමට හැකියාව තිබෙනවා. 


7. සින්දුවක් වේගයෙන් ඉදිරියට ගැනීම සහ පසුපසට ගැනීම. 


දෙවතාවක් මැද බටන් එක ඔබන්න. දෙවෙනි වතාවේදී මැද බටන් එක ඔබාගෙනම සිටීමේදී සින්දුව වේගයෙන් ඉදිරියට යනවා. ඒවගේම මැද බටන් එක තුන්වරක් ඔබා තුන් වෙනි වතාවේදී ඒම බටන් එක ඔබාගෙනම සිටීමේදී සින්දුව වේගයෙන් පිටුපසට යනවා. 


8. මීළඟ ගීතයට මාරු වීම. 


මීළඟ ගීතයට මාරු වීම සදහා මැද බටන් එක දෙවරක් ඔබන්න. පිටුපස ගීතයට මාරු වීමට අවශ්‍ය නම් මැද බටන් එක තුන්වතාවක් ඔබන්න. 


ඔබ මෙම කාර්යයන් අතරින් සමහරක් දේවල් දැන සිටියත් බහුතරයක් දේවල් නොදැන සිටිනට ඇතැයි කියා සිතනවා. මෙම ලිපියෙන් ඔබ උකහා ගත් දෑ ඔබට ප්‍රයෝජනවත් වෙනවානම් කරුණාකර ඔබේ අදහස පහතින් සදහන් කරන්න. 

ඔබ මෙලෙසින් ලබා ගත දැනුම ඔබගේ මිතුරන්ටත් ලබා දීමට තරම් කාරුණික වෙන්න. ඒ සදහා මෙම ලිපිය පහතින් Share කරන්න. 
Learn more »

iPhone 6 may arrive by September, come in more than one size

iPhone 6 දුරකථනය පිළිබඳව මෑතකදී ලැබුණු අලුත්ම තොරතුරු. 


ඇපල් සමාගමේ අලුත්ම iPhone 6 දුරකථනය මෙම සැප්තැම්බර් මස වෙළඳ පොල සඳහා නිකුත්කිරීමට බලාපොරොත්තුව සිටින බව වාර්තා වෙනවා. ඒවගේම මෙවර හදුන්වා දෙන අලුත්ම iphone දුරකථනය එකිනෙකට වෙනස් ප්‍රමාණයන් දෙකකින් තමයි පැමිණීමට නියමිතව තිබෙන්නේ. අඟල් 4.7 සහ 5.5 ප්‍රමාණයන්ගෙන් යුත් එම දුරකථනයේ ප්‍රමාණයන් වෙනස් වුනත් පහසුකම් වලනම් කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ. 

මෙම පුවත වාර්තා කරන Nikkei වෙබ් අඩව්ය වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ (liquid crystal display panels) නිෂ්පාදන ක්‍රියාවලිය අප්‍රේල් සහ ජුනි මාසයන් වලදී කර්මාන්තශාලා වලදී ආරම්භ කිරීමට නියමිත බවයි. ඒවගේම Touch ID fingerprint scanner සහ liquid-crystal drivers සදහා අවශ්‍ය කරන චිපයන් නිෂ්පාදනය මේ වන විටත් ඇපල් සමාගම ආරම්භ කර තිබෙනවා. 

මෙවර හඳුන්වා දෙන iphone 6 දුරකථන තිරයේ Resolution එක මින් පෙර හදුන්වා දුන් iphone දුරකථනයන් වලට වඩා  ඉහල අගයක් ගනු ලබන බව වාර්තා වෙනවා. 







ඇපල් සමාගමේ දුරකථනයන් වලට සහ තාක්ෂණයට ප්‍රියකරන ඔබ ඇපල් සමාගමේ iphone 6 දුරකථනය පිලිබඳ වූ අලුත්ම තොරතුරු දැනගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව අපි දන්නවා. එහෙයින් මෙම අලුත්ම තොරතුරු විශ්වාස වන්ත ආරංචි මාර්ගයන් වෙතින් ඔබ හමුවට ගෙන ඒමට තීරණය කරා.

මෙම පුවත ඔබගේ මිතුරන්ටත් දැනගන්න කරුණාකර පහතින් Share කරන්න. 





Learn more »

Hackers Use Drones To Hack Into Smartphones

ස්මාට් දුරකථන වල දත්තයන් Hack කිරීමට භාවිතා කරන සුපිරි තාක්ෂනය. 


ඔබ දැන සිටියාද කුඩා යානාවන් යොදා ගනිමින් සමාට්ෆෝන් වල දත්තයන් සොරා ගැනීමට හැකියාව තිබෙන බව.  එම ක්‍රමය මගින් ස්මාට් දුරකථන වල තිබෙන username, password  වගේ දේවල් පහසුවෙන් සොරා ගැනීමට Hackers ලාට හැකියාව තිබෙනවා. 

Drone නැමති තාක්ෂනය මගින් wifi සම්බන්ධතාවය හරහා smartphone වල තිබෙන අතිශය පෞද්ගලික වූ දත්තයන් සොරකම් කිරීමට ඇති හැකියාව පෙන්වීමටයි එම පරීක්‍ෂණය ලන්ඩන් නුවරදී පවත්වා තිබුනේ .  එම පරීක්ෂණයෙන් ලබා ගත් දැනුම මීළඟ සතියේදී සිංගප්පුරුවේ පැවැත්වෙන (Black Hat Asia cybersecurity conference) හීදී හැකර් වරුන්ගෙන් යුතු කණ්ඩායම් අතර බෙදා ගැනීමට නියමිතව තිබෙනවා. 



එම ප්‍රදර්ශනය සදහා භාවිතා කරනු ලැබූ කුඩා යානාව (Drone) හැඳින්වුයේ "Snoopy" ලෙසයි. සාමාන්‍යයෙන් smartphone එකක wifi සම්බන්ධ තාවය සක්‍රීයව පවතින විට එමගීන් නිරන්තරයෙන්ම උත්සහ කරනවා wifi ජාලයක් හා සම්බන්ධ වීමට.  එම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගනු ලබන කුඩා යානාව දුරකථනය සමග සම්බන්ධ තාවයක් ගොඩනගා ගනු ලබනවා. එම සම්බන්ධතාවය හරහා දුරකතනයේ ඇතුලත් වෙන credit card details, usename, location, password වගේ දේවල් පහසුවෙන්ම සොරා ගැනීමට හැකියාව තිබෙනවා. එම Hacker වරුන් විසින් පැයක් ඇතුලත smartphone 150 ක් පමණ hack කර තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. 



ඔබට පෙනෙනවා ඇති මෙම තාක්ෂනය වැරදි කෙනෙක් අතට ගියොත් ජනතාවට සිදු වෙන අවාසනාවන්ත තත්වය. දුරකතනයේ wifi සම්බන්ධතාවය සක්‍රීය කරගෙන සිටීම කොතරම් අනතුරුදායකද යන්න ලෝක වාසී ජනතාවට පෙන්වා දීමටයි ඔවුන් මෙම පරීක්ෂණයෙන් උත්සහ කරන්නේ. 

ඔවුන් අවසාන වශයෙන් ජනතාවට කියා සිටිනවා පොදු ස්ථානයන් වල නිකරුනේ wifi ක්‍රියාත්මක කරගෙන නොසිටින ලෙස. ඒ වගේම ඉතාමත් විශ්වාසවන්ත wifi hotspot එකක් භාවිතා කරන ලෙසද ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටිනවා. 

ඔබගේ මිතුරන් අතර මෙම දැනුම බෙදා ගන්න කරුණාකර ලිපිය පහතින් Share කරන්න. 




Learn more »

Amazing Features Of Google Glass

Google Glass හී ඇතුලත් විශ්මිත පහසුකම් 5ක්.


පැළඳිය හැකි තාක්ෂනික උපකරනයන් අතර ගූගල් සමාගමේ Google Glass තාක්ෂනයට සම කල හැකි හෝ අභියෝගයක් කල හැකි උපකරනයක් මෙතෙක් බිහි වී නැහැ. විප්ලවීය උපකරණයක් වෙන මෙම උපකරනය පිලිබදව වැඩි දෙනෙක් අසා තිබුනත් එහි ඇතුලත් වෙන පහසුකම් මොනවාද යන්න ගැනනම් වැඩි අවභෝධයක් නැහැ. ඉතින් මෙම ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නේ එහි ඇතුලත් වෙන විශ්මිත වූ පහසුකම් කිහිපයක් ගැනයි. 

මින් පෙර ලිපියකදී අපි ඔබව දැනුවත් කරා Google Glass  කියන්නේ කුමක්ද කියා. ඔබ එම ලිපිය කියවා නොමැතිනම් මෙම ලිපිය කියවීමට පෙර එම ලිපිය කියවා සිටින්න. පහත ලින්ක් එක ක්ලික් කර එම ලිපිය කියවන්න.


1. Wink to Photographs 

ස්මාට් දුරකතනයක බොත්තමක් ඔබමින් හෝ තිරය ස්පර්ශ කරමින් චායාරූපයන් අරගැනීමට පුළුවන් බව ඔබ දන්නවනේ.  නමුත් අපි අද කතා කරන මෙම විශ්මිත උපකරනයට හැකියාව තිබෙනවා ඇසිපිය සැලීමකින් ඔබ ලබා දෙන විධානයට අවනත වී වහාම චායාරූපයක් අරගැනීමට. ඔබ ගූගල් ග්ලාස් එක පැලද සිටින විට ඔබට අවශ්‍ය වුනොත් චායාරූපයක් අරගනීමට ඔබට කරන්න තියෙන්නේ කිහිප වාරයක් ඇසිපිය සැලීමයි, එම මොහොතේම ගූගල් ග්ලාස් එක මගින් ඔබට අවශ්‍ය කරන චායාරූපය මොහොතකින් අරගනු ලබනවා. 


2. Never Get Lost Again 


මෙම උපකරණයේ ඇතුලත් වෙන GPS පහසුකම හරියට ඔබට මගපෙන්වන්නෙක් හා සමාන වෙනවා කිව්වා නිවැරදි. ඔබට ගමන් කිරීමට අවශ්‍ය කරන ස්ථානය කරා ලගා වීමට අවශ්‍ය කරන මාවත google map ආශ්‍රිතයෙන් ඔබට ඉදිරියෙන් පෙන්වනවා. ඔබ වාහනයක ගමන් කරන විට වුනත් මෙම පහසුකම ලබා ගන්න්න පුළුවන්. එවිට ඔබ වාහනය හැරවිය යුතු ස්ථානයන් තව කොපමණ දුරක් ගමන් කර යුතුද යන දේවල් පිළිබද තොරතුරු ඔබට නිරන්තරයෙන්ම ලබා දෙනවා. ගූගල් ග්ලාස් එක පැළඳ සිටින විට එම  තොරතුරු ඔබට දිස් වෙන්නේ මෙම ඉහත පිතූරයේ තිබෙන පරිදියි. 



3. Blend In With The Locals 



ඔබ රටින් රටට සංචාරය කරන කෙනෙකුනම් මෙම පහසුකම ඉතමත් ප්‍රයෝජනවත් එකක් වෙනවට කිසිඳු සැකයක් නැහැ. මෙම උපකරණයේ ඇතුලත් වෙන පහසුකම් මගින් ඔබට ඉඩ ලබා දෙනවා විදේශිකයෙකුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඔවුන්ගේ භාෂාවට ක්ෂණිකව පරිවර්තනය කර ගැනීම සහ ඔවුන් පවසන දෑ ඔබගේ භාෂාවට ක්ෂණිකවම පර්වර්තනය කර ගැනීමට. යම් අදහසක් ලබා ගැනීමට මේ ඉහත පින්තූරය දෙස බලන්න ඔබට පෙනෙනවා ඇති එම  වෙළද සැලෙහි පුවරුවේ සටහන් වී තිබෙන චීන අක්ෂරයන් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙන ආකාරය. 

4. Heed My Command 


 ඇත්තෙන්ම ගූගල් ග්ලාස් එකක් කියන්නේ ඔබගේ උපදෙස් සැමවිටම පිළිපදින කීකරු ඩිජිටල් සහයකයෙක්. එම උපකරනයටම  ඔබ්බව තිබෙන මයික්‍රෝෆෝනය හරහා ඔබට හැකියාව තිබෙනවා ගූගල් ග්ලාස් එකට විධානයන් ලබා දීමට. Ok Glass යැයි පැවසුවා සැනින් ඔබට හැකියාව තිබෙනවා  ක්ෂණිකවම උපකරණය ක්‍රියාත්මක කරගැනීමට. ඒවගේම චායාරූපයන් අරගැනීමට සහ වීඩියෝ පටිගත කිරීමට ද හැකියාව තිබෙනවා කටහඩින් ලබා දෙන විධානයක් මගින්. ඊට අමතරව තවත් බොහොමයක් දේවල් කරගැනීමටද හැකියාව තිබෙනවා. යම් අදහසක් අරගැනීමට මෙම පහත පින්තූරය දෙස බලන්න. ඔහු විමසනවා ඉහත පින්තූරයෙන් පෙනෙන්නට තිබෙන පාලම කෙතරම් දිගු එකක්ද කියා , එවැනි ප්‍රශ්නයන් වලට පවා පිළිතුරු දීමට හැකි විශ්මය ජනක තාක්ෂණයක් මෙහි ඇතුලත් වෙනවා. 


5. Live From The Field 


ඔබට අවශ්‍ය කරන සජීවී තොරතුරු එසැනින් ඔබගේ දෙනෙත් ඉදිරියේ මවා පෙන්වීමට හැකි සුවිශේෂී පහුකමක් මෙම උපකරණයේ තිබෙනවා. අපි සිතමු ඔබට සිටින කියා ඔබ කැමතිම ක්‍රීඩා කණ්ඩායමක් එම කණ්ඩායම පිලිබදව අලුත් තොරතුරු , ඔවුන් ක්‍රීඩා කරන තරගයන් හී ලකුණු තත්වය වැනි දේවල් ඔවුන් ලෝකයේ කොතැනක ක්‍රීඩා කෙරුවත් ක්ෂණිකව ඔබේ දෙනෙත් ඉදිරියට ගෙන ඒමට ගූගල් ග්ලාස් එක සමත් වෙනවා. තවද වාහන තදබදය පිළිබද තොරතුරු, කාලගුණය පිළිබද තොරතුරු,  ඉදිරියේදී පැමිණීමට නියමිත දුම්රිය , අහස්යානා වැනි තොරතුරුදු ලබා දීමට හැකියාවක් මෙම උපකරණයට තිබෙනවා. යම් අදහසක් ලබා ගන්න ඉහත පින්තූරය දෙස බලන්න. 

මේ ඉහතින් සදහන් කරන ලද ප්‍රධාන පහසුකම් වලට අමතරව තවත් සුවිශේෂී වූ විශ්මිත පහසුකම් මෙමෙ උපකරණයේ තිබෙනවා. මෙම ලිපිය පිලිබදව ඔබේ අදහස පහතින් දක්වන්න. 

විශ්මිත පහසුකම් වලින් සමන්විත මෙම උපකරණය පිලිබදව සැමදෙනාම දැනුවත් කරන්න මෙම ලිපිය පහතින් Share කරන්න. 






Learn more »

What are the F1 through F12 keys?

F1 සිට F12 දක්වා තිබෙන යතුරු මොනවාද?



පරිගණකයේ  යතුරු පුවරුවේ තිබෙන  F1 සිට F12 දක්වා වූ යතුරු හඳුන්වන්නේ (function keys) යනුවෙනි. එම යතුරු වලින් සිදු වෙන කාර්‍යය එකිනෙකට වෙනස් වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ පරිගණකයට ස්ථාපිත කර තිබෙන මෙහෙයුම් පද්දතිය සහ ක්‍රියාත්මකව පවතින මෘදුකාංග වැඩසටහන මත මෙම යතුරු වලින් සිදු වෙන කාර්යය වෙනස් වීමට හැකියාව තිබෙන බව.  බොහොමයක් දුරට මෙම යතුරු (ALT/CTRL) සමග එක්ව තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් විදියට ක්‍රියාත්මකව පවතින වැඩසටහනක් ALT+F4 එබීමෙන් වසා දැමීමට හැකියාව තිබෙනවා. 

ඔබට පහතින් දැකගන්නට පුළුවන් එම යතුරු මගින් සිදු වෙන පොදු කාර්යයන් කිහිපයක් පිලිබදව. 






F1

  • Almost always used as the help key, almost every program will open the help screen when this key is pressed.
  • Enter CMOS Setup.
  • Windows Key + F1 would open the Microsoft Windows help and support center.
  • Open the Task Pane.

F2

  • In Windows renames a highlighted icon, file, or folder in all versions of Windows.
  • Alt + Ctrl + F2 opens document window in Microsoft Word.
  • Ctrl + F2 displays the print preview window in Microsoft Word.
  • Quickly rename a selected file or folder.
  • Enter CMOS Setup.

F3

  • Often opens a search feature for many programs including Microsoft Windows when at the Windows Desktop..
  • In MS-DOS or Windows command line F3 will repeat the last command.
  • Shift + F3 will change the text in Microsoft Word from upper to lower case or a capital letter at the beginning of every word.
  • Windows Key + F3 opens the Advanced find window in Microsoft Outlook.
  • Open Mission Control on an Apple computer running Mac OS X.

F4

  • Open find window in Windows 95 to XP.
  • Open the address bar in Windows Explorer and Internet Explorer.
  • Repeat the last action performed (Word 2000+)
  • Alt + F4 will close the program window currently active in Microsoft Windows.
  • Ctrl + F4 will close the open window within the current active window in Microsoft Windows.

F5

  • In all modern Internet browsers pressing F5 will refresh or reload the page or document window.
  • Open the find, replace, and go to window in Microsoft Word.
  • Starts a slideshow in PowerPoint.

F6

  • Move the cursor to the Address bar in Internet Explorer, Mozilla Firefox, and most other Internet browsers.
  • Ctrl + Shift + F6 opens to another open Microsoft Word document.

F7

  • Commonly used to spell check and grammar check a document in Microsoft programs such as Microsoft Word, Outlook, etc.
  • Shift + F7 runs a Thesaurus check on the word highlighted.
  • Turns on Caret browsing in Mozilla Firefox.

F8

  • Function key used to enter the Windows startup menu, commonly used to access Windows Safe Mode.

F9

  • Opens the Measurements toolbar in Quark 5.0.
  • With Mac OS 10.3 or later shows all open Windows.
  • Using the Fn key and F9 at the same time will open Mission Control on an Apple computer running Mac OS X.

F10

  • In Microsoft Windows activates the menu bar of an open application.
  • Shift + F10 is the same as right-clicking on a highlighted icon, file, or Internet link.
  • Access the hidden recovery partition on HP and Sony computers.
  • Enter CMOS Setup.
  • With Mac OS 10.3 or later shows all open Windows for active program.

F11

  • Full-screen mode in all modern Internet browsers.
  • Ctrl + F11 as computer is starting to access the hidden recovery partition on many Dell computers.
  • Access the hidden recovery partition on eMachines, Gateway, and Lenovo computers.
  • With Mac OS 10.4 or later hides all open windows and shows the Desktop.

F12

  • Open the Save as window in Microsoft Word.
  • Shift + F12 save the Microsoft Word document.
  • Ctrl + Shift + F12 prints a document in Microsoft Word.
  • Preview a page in Microsoft Expression Web
  • Open Firebug.
  • With an Apple running Mac OS 10.4 or later F12 will show or hides the Dashboard.

F13 - F24

Early IBM computers also had keyboards with F13 through F24 keys. However, because these keyboards are no longer used they are not listed on this page.

ඉහත යතුරු පිලිබද තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම හේතුවෙන් වටහා ගැනීමට යම් අපහසු තාවයක් තිබෙනවානම් comment එකක් මගින් පහතින් සදහන් කරන්න එය පහදා දීමට අප සුදානම්ව සිටිනවා. 

මෙම ලිපිය ඔබගේ මිතුරන් අතර බෙදා ගන්න පහතින් Share කරන්න. 





Learn more »

The Sony Computer That You Can Wear On Your Wrist

Sony ආයතනයේ පැළඳිය හැකි පරිගනකය 



ලෝවාසී ජනතාව පුදුමයට පත්කිරීමට සමත් පැළඳිය හැකි පරිගනකයක් නිර්මාණය කිරීමට Sony ආයතනය සැරසෙනවා . එම පරිගනකය වෙළදපොලට පැමිණීමත් සමග දැනට අප භාවිතා කරන අධිතාක්ෂණික ස්මාට් දුරකථනයන් යල්පැනගිය සන්නිවේදන උපකරණයන්  බවට පත් වෙනවාට කිසිඳු සැකයක් නැහැ. 


නම්‍යශීලී OLED ස්පර්ශක තිරයන්ගෙන් නිර්මාණය කරන මෙම පරිගණකය පහසුවෙන් පැලඳීමට හැකියාව තිබෙනවා.  Hiromi Kiriki ගේ සංකල්පයක් වෙන මෙම පැළදිය හැකි පරිගනකය  2020 වෙන විට සම්පූර්ණයෙන් සකස්කොට හමාර කිරීමට සැලසුම් කර තිබෙනවා. පිටතට ඇදලා ගන්නට හැකියාව තිබෙන අමතර  යතුරු පුවරුවකින් සමන්විත එම පරිගනකයට තිරයක් කෘතීමව මවා පෙන්වීමට හැකි holographic projector කියන සුපිරි තාක්ෂණයද ඇතුලත් කිරීමට නියමිතයි. මෙන්න මේ වගේ සුපිරි පහසුකම් වලින් සමන්විත මෙම පැළදිය හැකි පරිගණක සංකල්පය නුදුරු අනාගතයේදී යතාර්ථයක් බවට පත්කිරීමට Sony ආයතනය තම පාරිභෝගිකයිනට පොරොන්දුව සිටිනවා. 

පහතින් ඔබට එහි පින්තූරයන් කිහිපයක් දැකගන්නට පුලුවන්. මෙම විශ්මිත උපකරණය පිළිබඳව ඔබ දරන මතය පහතින් සදහන් කිරීමට අමතක කරන්න එපා. 





පැලඳීමට හැකි වෙන ලෙස නිර්මාණය කරපු නම්‍යශීලී තිරය. 


එලියට ඇදලා ගන්න පුළුවන් අමතර යතුරු පුවරුව 


එකිනෙකට වෙනස්වූ වර්ණයන්ගෙන් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. 


කෘතීම තිරයක් අවකාශයේ මවන Hologram Projector තාක්ෂනය. 



නවීන තාක්ෂනයට ප්‍රියකරන ඔබ වෙත මෙවැනිම අලුත් තොරතුරු ගෙන ඒමට Apps Lanka වෙබ අඩවිය සැදී පැහැදී සිටිනවා. Sony ආයතනයේ මෙම විශ්මිත තාක්ෂණික උපකරණය පිලිබදව සියලුම දෙනා දැනුවත් කරන්න මෙම ලිපිය පහතින් Share කරන්න. 







Learn more »
Related Posts Plugin for WordPress, Blogger...